වර්ධනය හා ඇවිදීම

කකුල් වල ඇද කුද (ළමා)

දරුවන්ගේ කකුල්වල ඇද කුද සහ පාද තබන ආකාරය පිළිබඳ තොරතුරු.

සිංහලChildren

හැඳින්වීම

Person holding a child's foot

කකුල් වල ඇද කුද

Diagram illustrating leg alignment at the knees

කකුල් වල ඇද කුද

a . කුඩා දරුවන් ඇවිදීමට පටන්ගන්නා අවදියේදී කකුල්වල ඇද බවක් පෙන්නුම් කරයි. කකුල් පළල්ව තබා ඇවිද යයි. මෙය සාමාන්ය තත්ත්වයකි. කකුල් මෙරීමත් සමග වයස අවුරුදු 1 සිට 5 දක්වා කාලය තුලදී ඈත්ව පිහිටි දණහිස් ලන් වීමටත් එකිනෙක ගැටෙමින් පැවැති දණහිස් ඈත් වී සාමාන්ය පෙනුම කරා ලඟා වේ. එම තත්ත්වය දිගින් දිගටම පවතී නම් පමණක් ප්රතිකාර අවශ්ය වේ. මේ සඳහා විශේෂ සපත්තු පැළඳීම, ශල්යකර්මයකට ලක් කිරීම මගින් කකුල් යථා තත්ත්වයට පත් කර ඇත. පාසල් යෑමට පෙර කකුල් සුවකිරීම ඉලක්කයයි. විටමින් D උනතාවය, සවිෂක්තියෙන් මද අස්ථි නිසාද කකුල් බකල් වියහැක. වෛද්ය වරයකු හමු වී ඔබේ දරුවා පෙන්වා ගන්න.

b . පාදය ඇතුලට හරවා පා තබමින් ඇවිදින තත්වය / පැතලි යටිපතුලක් පිහිටීමද පාදය ඇතුලට හරවා පා තබමින් ඇවිදින තත්වයද සුලබව දක්නට ලැබේ. මෙම අබාදයද බොහොමයක් දරුවන්ගේ ස්වභාවයෙන්ම සාමාන්ය අතට හැරේ. උකුල සන්දිය හරිහැටි නොපිහිටීම, කකුලහි අස්ථිය ඇතුලට ඇඹරි තිබීම හා පදයේ මහපට ඇගිල්ල ඇතුලට නෙරා පිහිටීම නිසා මෙම තත්ත්වය හටගනී. තත්ත්වය පරීක්ෂා කරවා ගැනීම වැදගත් වේ.

Close-up of a child standing with their feet turned inwards

c. පැතලි යටිපතුලක් පිහිටීමද ඇවිදීමට පටන් ගන්නා වයසේ දරුවන් තුල දැකිය හැක. මෙවැනි දරුවන් ඇවිදින විට පාදය පිටතට හැරී පිහිටීමක් පෙන්නුම් කරයි. පාදය මෝරා වැඩෙන කාලය වන විට සාමාන්ය ස්වරුපය ලැබෙ. කලාතුරකින් අසාමාන්ය පිහිටීමක් නිසාද පාද මෙලෙස පිහිටිය හැක. එමනිසා මෙම තත්ත්වය පරික්ෂා කරවා ගන්නේනම් මැනවි.

තවදුරටත් කියවන්න

ආශ්‍රිත කියවීම්

සිංහලChildren

වර්ධනය හා ඇවිදීම

ළමා පිටුව

ළදරු ගැටලු, අස්ථි බිඳීම්, ඇවිදීම සහ අනෙකුත් ළමා අස්ථි හා සන්ධි මාතෘකා සඳහා මඟපෙන්වීමක්.

සිංහලChildren

අස්ථි බිඳීම් හා තුවාල

අස්ථි බිඳීම් (ළමා)

දරුවන්ගේ විවිධ වයස් කාණ්ඩවල අස්ථි බිඳීම් පිළිබඳ තොරතුරු.

ඔබේ ඊළඟ පියවර

ඔබේ ප්‍රශ්න වෛද්‍ය හමුවකදී සාකච්ඡා කරන්න.

ස්ථානයක් තෝරා වෙන් කරවා ගැනීමේ විකල්ප බලන්න.